ශ්‍රී ලංකාව යතුරුපැදි සංචාරකයන්ගේ සීඝ්‍ර වයාප්තියක වර්ධනයක් පෙන්නුම් කරමින් තිබෙන මෙවැනි කාල වකවානුවක, යතුරුපැදි මගින් සිදු කරනු ලබන සංචාරයන් අනතීත ඉතිහාසයක සිට පැවතෙගෙන ආවත්, එයට නවමු අරුතක් සහ නව පිටුවක් පෙරලමින් යතුරුපැදි සචාරක කණ්ඩායම් සමාරම්භයට ශ්‍රි ලංකාවේ පලමු වරට මුල් වූ කණ්ඩායම ලෙස ඉතිහාස නම් දරන්නේ Bike Hikers Club Sri Lanka කණ්ඩායම බව අප විසින් ඔබට දැනුම් දෙන්නේ ඉතාමත් නිහතමානි සාඩම්බරයකිනි.
අප කණ්ඩායමේ ආරම්භයේ සිට වර්තමානය දක්වා කණ්ඩායමට ලැබුණු දුරදර්ශි නායකත්වය හා කණ්ඩායමේ සමාජිකයන් අතර ඇති සහෝදර බැදිම මත අප කණ්ඩායමේ ගුණත්වය හා ප්‍රෞඩත්වය රදා පැවතීමට විශේෂම හේතුවයි.
අපගේ ඒකායන වගකීම සහ පැතුම වන්නේ උපන් දේශය, එහි පනනල වැනි ජිවයෙන් පරිපුර්ණ සොබාදහම රැකගැනීමට කැපවීමයි. එම නිසා අප කණ්ඩායම විසින් සිදු කරනු ලබන සංචාරයන්හිදි පරිසර සංරක්ෂණ කටයුතු සිදු කරනු ලබන අතරම අපගේ නායකත්වය හා මග පෙන්විම යටතේ දැඩි අධික්ෂණයකින් හා අපටම අවේණික වු සුවිශේෂ නීති රීති හා ක්‍රමවේද අනුගමනය කරමින් සංචාරයේ නියැලෙන බැවින් එමගින් පරිසරයට අපගෙන් සිදුවිය හැකි හානි වළක්වාගත හැක. ඒ වගේම අපගෙන් පසුව අපව අනුගමනය කරමින් බිහිවූ ඕනෑම සංචාරකයෙකුට, සංචාරක කණ්ඩායමකට අප විසින් ලබා දිය හැකි උපදෙස්, දැනුවත් කිරීම් නොමදව ලබා දීමට අප සැමවිට ක්‍රියා කරන්නෙමු.
“Bike Hikers Club Sri Lanka ” කණ්ඩායම වන අපගේ තේමා පාඨය වනුයේ,
සීමාවෙන් එහා යන යතුරුපැදි ගමනක්
දැක්ම නිරවුල්නම්, බොක්ක හොඳයිනම්
වරෙන් යන්න අපිත් එක්ක… යන්නයි.
එය කියවන ඕනෑම අයෙකුට අප කණ්ඩායමේ පෞඩත්වය, සහෝදරත්වය, කණ්ඩායම් හැගිම, එහි ශක්තිමත් භාවය මෙන්ම ගමන සහ අපගේ දැක්ම මැනවින් අවබෝධ කර ගත හැක.
Bike Hikers Club Sri Lanka
At a time when Sri Lanka has seen a rapid expansion of motorcycle tourists, Bike Hikers is the first group in Sri Lanka to launch a new identity and a new history We are proud to inform you that Club Sri Lanka is a team.
One of the main reasons for the team’s quality and pride lies in the brotherly bonds we have had with our team from the beginning to the present.
Our sole responsibility and aspiration is to be committed to preserving the perfect nature of life, such as the birth of its birthplace. As a team, we carry out environmental conservation on our tours, and under our leadership and guidance, we follow strict supervision and our own unique rules and procedures so that we can avoid damage to the environment.
We are always on the lookout for the advice and advice we can give to any traveler or group of tourists who have followed us.
Our motto is “Bike Hikers Club Sri Lanka”.
A motorcycle ride across the border If the view is clear,
The bay is fine Go with us.
Anyone who reads it can understand our team’s pride, our brotherhood, our team spirit, its strengths, our journey and our vision.
Bike Hikers Club Sri Lanka
